කොරෝනා වෛර ආසාදිත තවත් 135 දෙනෙක් අද(13) රාත්‍රී 7.30 පමණ වන විට තහවුරු කරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එලෙස හඳුනා ගැනුණු සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව අද පස්වරු 7.30 පමණ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 650ක් වනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව අද(13) දිනයට මේ වන තෙක් හඳුනාගෙන ගෙන ආසාදිතයන් 650 දෙනාද සමගින් දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්ත වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 29,152ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 32,785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මේ වන විට ආසාදිතයන් 23,793 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ආසාදිතයන් 8,843 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එසේම මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 444 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මේ අතර මෙරට සිදු කරන ලද සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා.
ඊයේ (12) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ 17,425ක් සිදු කර ඇති අතර මෙරට සිදු කරන ලද සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,004,203ක් වනවා.
Discussion about this post