ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය මේ වන විට සූරියවැය මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9කට ලකුණු 150ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසිය වාසිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දිනාගත් අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව පිටියට පැමිණි කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Daniel Bell-Drummond ලකුණු 70ක් ලබාගත් අතර සෙසු එකදු ක්‍රීඩකයෙකු හෝ ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වූයේ නැත.
කෙසේ වෙතත් ඉසුරු උදාන පන්දු 11කදී වේගවත් ලකුණු 19ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු දෙක බැගින්ද සහන් ආරච්චිගේ සහ ෂෙහාන් ජයසූරිය එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.
තරගය ජයග්‍රහණය සඳහා නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 151ක් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබාගත යුතු වනවා.
තරගය මේ වන විට දෙවන ඉනිම සඳහා ආරම්භ වී තිබෙනවා.
තරගයේ සජීවි දර්ශන මෙතැනින් නරඹන්න.
Discussion about this post