හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් ඊයේ (24) දින ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කළ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසනවා.
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (24) දින තහවුරු වී තිබෙනවා.
ඉකුත් 19 දින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග හැටන් දික්ඔය නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති උපන් දින උත්සවයකට අදාළ කොවිඩ් ආසාදිත නාගරික මන්ත්‍රීවරයා ද සහභාගි වී ඇති බවට තහවුරුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එම උපන්දින සාදයට හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයාද සහභාගි වි ඇති අතර, සභාපතිවරයා මිට ප්‍රථම ඔහුගේ නිවසේ ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.
උපන්දින සාදය පැවැත් වූ නාගරික මන්ත්‍රීවරයාගේ හිතවතෙකු වන මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසන්නේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වන බවද මහජන සෞඛය පරික්ෂකවරයා කියා සිටියා.
Discussion about this post