කූඨ ලේඛන සකසා කැනඩාවට යාම සඳහා වෙනත් අයකු සතු ගුවන් ගමන් බල පත්‍රයක් යොදාගත් තරුණියක අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.අදාල තරුණිය දමිල ජාතික ද්‍රවිඩ තරුණියක වන අතර ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත්කර ඇත.
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
යාපනය නගයේ පදංචි 22 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණිය අද උදැසන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනා.
එම ගුවන් ගමන් බලපත්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා කූඨ ලෙස සකස්කර තිබෙන බව පරික්ෂාවේදී සොයාගෙන තිබේ.
තරුණිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.
Discussion about this post