දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේ ද තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් රාත්‍රී කාලයේ සිට අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
සබරගමුව පළාතේත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මීට අමතරව සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී තද මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකියි.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය
මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වේ.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 55 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
මුහුදේ ස්වභාවය
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රෙද්ශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රෙද්ශ මද වශයෙන් රළු ස්වභාවයේ පවතී.
Discussion about this post