හික්කඩුව, තිරාණගම වෙරළ තීරයේ දී අද(26) ඔලු දෙකක කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇතැයි වාර්තා වනවා.
එම වෙරළ තීරයට පැමිණි කැස්බෑවියක දමන ලද බිත්තර වළක තිබූ බිත්තර පුපුරා එමින් සිටි පැටවුන් අතරින් මේ ඔලුදෙකේ කැස්බෑ පැටවා හමුව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දුර්ලභ ගනයේ මේ කැස්බෑ පැටියා ප්‍රදේශවාසීන් විසින් හික්කඩුව වන ජීවී කාර්යාලයට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
Discussion about this post