කිලිනොච්චිය ,ධර්මපුරම්, කල්මඩුකුලම් වැවේ ගිලීමෙන් අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර ඊයේ(26) සොයාගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ 25 වැනිදා සවස කල්මඩුකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ කිලිනොච්චිය, කල්මඩුනගර්, සම්බුල්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රත්නම් ලෝහිතන් නමැති පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව සිටි බවයි.
දියේ ගිලුණු පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් නිළධාරීන්,පොලිස් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරුවද 25 වැනිදා අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකිවු බවද පොලිසිය කියා සිටියා.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරුව දියේ ගිලුණු තැනැත්තාගේ මළ සිරුර ඊයේ(26) උදැසන හමුවු බවත්, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කළ බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Discussion about this post