ඇමෙරිකානු ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරණයකින් පසු නව ජනාධිපතිවරයා පත්වන තුරු රටෙහි පාලනයට ජනාධිපතිවරයෙකු නොමැති කාලසීමාව බවට මෙම සතිය පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා මෙම මස 20 වැනිදා දිවුරුම් දෙනතුරු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළ යුතු වූවා.
කෙසේ වෙතත් ඔහු මේවන විට ධවල මන්දිරයෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.
එසේම ඔහුගේ ට්විටර් ගිණුමද මේ වන විට අක්‍රිය කර තිබෙනවා.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඒ අනුව ජනාධිපතිවරයකුගේ පාලනයකින් තොරව පවතින කාලසීමාව ලෙස මෙම සතිය ඇමෙරිකානු දේශපාලනය තුළ ඉතිහාස ගතවන බවයි.
Discussion about this post