දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදු වූ අඩුපාඩු නිවරදි කර ගනිමින් එලඹෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථකව තරගාවලියට මුහුණු දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (11) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් දික්වැල්ල මෙසේ කියා සිටියා.
‘’ දකුණු අප්‍රිකාවේදී අපිට ක්‍රීඩකයන් විදියට ඒ් අවස්ථාවන්ට අනුව අනුකූල වෙන්න බැරි වුණා. මම හිතන්නේ කණ්ඩායමක් විදියට තරග ජයග්‍රහණ කරන්න නම්, අපි ඒ් අවස්ථාවට සාර්ථකව මුහුණ දීලා ක්‍රීඩා කරන්න අවශ්‍යයි. අපිට තරගයක් ජය ගැනීමේදී අවශ්‍ය වන්නේ, අපි ක්‍රීඩා කරන්නේ විනාඩි 10ද, විනාඩි 20, පැයද, නැතහොත් ඒ් සෙශන් එකද ඒ් අවස්ථාවට සාර්ථක මුහුණ දෙන එකයි. ඉතින් ටෙස්ට් තරගයකදී මේ විදියට සෙශන් එකෙන් සෙශන් එකට අපි සැලැස්මකට ක්‍රීඩා කරනවා නම් අපිට තරගයක් ජය ගන්න පුළුවන්. ”
Discussion about this post