උතුර සහ උතුරු මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද(13) උදෑන 5.30ට නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන්.
උතුර සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් 50ක් දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය
වැසි තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටද තද වැසි ඇති විය හැක.
සුළඟ
කොළඹ සිට පුත්තලම, කන්කසන්තරය සහ ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා මහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
පුත්තලම සිට කන්කසන්තරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
මුහුදේ ස්වභාවය
පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළු සමග එම මුහුදු පුදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
Discussion about this post