එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද පෙරවරු 10 ට ආරම්භ වනවා.
ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.
පක්ෂ මහලේකම් ධුරය ඇතුලු නිලධාරි මණ්ඩලය පත් කිරීමයි අද දිනයට යෙදී ඇති ප්‍රධාන කාර්යය වන්නේ.
එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එහෙත් දැනට පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිතයි.
මහ මැතිවරණ ප්‍රථීඵල අනුව එක් එක් පක්ෂවලට හිමිවූ මන්ත්‍රී ආසන අතුරින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය හැර අනෙක් සියලු මන්ත්‍රී ධුර මේ වනවිට සම්පූර්ණ කර අවසන්.
Discussion about this post