තමා කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමට “රාවණා පැණියක්” පාවිච්චි කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව කොරෝනා ආසාදනය වී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (13දා) කියා සිටියේය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.
“මම හෝ මගේ පවුලේ කිසිකෙනෙකු හෝ ඔය කියන පැණියක් පාවිච්චි කරලා නැහැ. මම කටයුතු කළේ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඉතාම සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය වෙමින් සිටිනවා. ඔය කතාව කියන පුද්ගලයා මාව සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් මම ඊට ඉඩ දුන්නේ නැහැ.”
Discussion about this post