කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා නිවසට ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුවේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.
මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි.
ඔහු ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පසුගිය දා තහවුරු වූවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත සහ රාවුෆ් හකීම් යන මහත්වරුන්ය.
ඔවුන් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
Discussion about this post