ලෝකයම වසංගත බියකින් වෙළි ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
ඇතමුන් විවිධ දේ ප්‍රකාශ කළද දරුවන්ගේ අධයාපනය ප්‍රමාණ කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
එසේම ඔහු කියා සිටියේ රටට අවශ්‍ය අනාගත අභියෝග භාරගත හැකි, ශික්ෂණයෙන් යුතු සංස්කෘතිය හා සාමාජයීය වටපිටාව මැනවින් හඳුනාගත් දරුවන් බවත් වෙනස් වෙමින් පවතින ලොව තුළ සැබෑ අරමුණ විය යුත්තේ ද එය බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි තමන්ට දැනගන්න ලැබුණු බව කී අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීම මෙවන් අවස්ථාවක දෙමාපියන් වෙත පැවැරෙන වගකීමක් බවද කියා සිටියා.
Discussion about this post