කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට එරෙහිව කෑගල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව පේරාදෙණිය පොලිසිය වෙත වෛද්‍යවරයෙක් යොමු කළ පැමිණිල්ලකට අනුව සිදු කෙරුණු මූලික විමර්ශනවලින් අනතුරුවයි.
පේරාදෙණිය පොලිසිය ඒ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට සිදු කළ දැනුම්දීමකට අනුව මේ විමර්ශනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් 12 වන දින වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් මේ පැණිය ලබාගැනීමට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර නමැත්තා සහ අදාළ පිරිස අතර ඇති වූ ගැටුමක් සම් බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post