එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද(21) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ ආරම්භ කිරීඹ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩ කටයුතු ආරම්භ කරන බව නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියා.
නව මහලේකම්වරයා කියා සිටියේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ සෑම සතියකම දින දෙකක් පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් සිරිකොත පක්ස මූලස්ථානයේ සිට පාක්ෂිකයන් හමුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
එසේම සිරිකොත මන්දිරිය මින් පසු පක්ෂ මූලස්ථානයක් ලෙසින් නොව පක්ෂ මෙහෙයුම් කාර්යාලයක් ලෙසින් ක්‍රියාත්මක කරන බවද නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියා.
Discussion about this post