කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 19 වනදා වාර්තා වී ඇති අතර එය එදින ගනුදෙනු අවසානයේ ඒකක 7,922.66ක් ලෙස වාර්තා වූ බව කොළඹ කොටස් හුවමාරුව 19 වනදා සඳහන් කළේ.
2021 වසර ඇරැඹුමෙන් පසුව සියලු කොටස් මිල දර්ශකය ලොව වැඩම වර්ධනයක් ලෙස දක්වා ඇති දර්ශක අතර වාර්තා වී ඇති බවත් 19දා වන විට මේ වසරේ 16.95% වර්ධනයක් දක්වමින් ලොව වැඩම වර්ධනයක් දක්වන මිල දර්ශකය ලෙස ‘BLOOMBERG’ ආයතනයෙහි දත්ත සඳහන් කරන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසනවා.
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශීලී කොටස් ඇතුළත් වන S & P ශ්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3,000 ඉක්මවා 3,033.30ක් ලෙස 2020 ජනවාරි 18 වැනි දින සටහන් විය.
Discussion about this post