ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
මෙලෙස ආසාදිතයන් ලෙසට තහවුරු වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන් දෙදෙනාටයි.
මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පුහුණුව ලබමින් සිට තිබෙනවා.
ඒ් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති උසස් දස්කම් මධ්‍යස්ථානයේදීයි.
මෙලෙස කණ්ඩායමක් තුනකට වෙන් කර ක්‍රීඩකයන් එහි පුහුණුව ලබමින් සිටන අතර ආසාදිතයන් ලෙස වාර්තා වූ වාර්තා වූ ක්‍රීඩකයන් දෙදෙනා වේග පන්දු යවන්නන් බවටයි වාර්තා වන්නේ.
දැනට මෙරට සංචාරකයක නිරත වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග කිසිදු එක්දින තරගයක් හෝ විස්සයි විස්ස තරගයක් හෝ ඇතුළත් නොවන හේතුවෙන් ආසාදිත ක්‍රීඩකයන් සහ ගාල්ලේ තරගයට සහභාගි වන ක්‍රීඩකයන් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කරන බවයි.
එසේම ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධතා සොයා ගැනීමේ නිරතව සිටින බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් පුහුණුව කණ්ඩායම් වශයෙන් සිදු කර ඇති බැවින් සියලුම ක්‍රීඩකයින් ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සෘජුව සම්බන්ධ වී නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
Discussion about this post