පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සංවාදයේ නිරතවීම හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබූ බද්දේගම මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතාට ද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු ඊට මේ දක්වා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.
මහේස්ත‍්‍රාත්වරයා සහ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සංවාදයේ නිරත වන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක මහත්මියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පැය 3ක් අධික කාලයක් ප‍්‍රකාශයක් ලබා ගත්තා.
එහිදී ඇය අපරාධ කොට්ඨාශය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථනයෙන් සංවාදයේ නිරත වූ බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදවල නිරතවීමේ සිද්ධීන්වලට අදාළව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දා පැය 05ක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.
Discussion about this post