fbpx
2021-04-23 [Friday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid 19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
5
SHARES
56
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15
බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10

තරුණ නිළියක් රඟපාන්න වැඩියෙන්ම කැමැති චරිතය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය වෙන්නේ පෙම්වතියගේ චරිතය කියන එක. සුන්දර නිළියක් වුණත් මිෂෙල් දිල්හාරාගේ කැමැත්ත ඒක නෙමේ. කටුක දුක්විඳින කර්කශක යුවතියකගේ චරිතය ඇය හැමවිටම පණපොවන්න කැමතියි. සුදු ඇඳගෙන කළු ඇවිත් අයෝමා වගේම මේ දිනවල මැටි කඩුලු සකී කියන්නේ වෙනස්ම චරිතයක්. මේ චරිත ගැන ඇය සමග කතා බහ කළා.

මැටි කඩුලු කියන්නේ මම රඟපාන දහනව වන ටෙලිනාට්‍යය. දැනට රඟපාපු නාට්‍ය පහළොවක් විකාශය වෙලා තියෙනවා. තවත් පහක් විතර පෙන්නන්න තියෙනවා. අවුරුදු විස්සෙදි මුලින්ම කැමරාව ඉස්සරහට ඇවිත් අද වෙනකොට ඉන්න තැන ගැන පුදුමකාර සතුටක් හිතේ තියෙන්නෙ.

තම ප්‍රථම ටෙලි නාට්‍ය අත්දැකීම ගැන මිෂෙල්ට තියෙන්නෙ අමතක නොවන මතකයක්.
සල්සපු නා ටෙලි නාට්‍යයෙන් තමා මම මුලින්ම මේ ගමන ආරම්භ කරන්නේ. එදා පොඩි පත්තරකාරී හැටියට රඟපාපු ඒ චරිතයට අදත් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා.
ඕනම කෙනෙක්ට ජීවිතේ හීන තියෙනවා. ඒ හීන ඔස්සේ තමා අනාගතය සැලසුම් කරන්නේ. ඇයත් ඒ වගේ අනාගතය ගැන සිහින දැකපු කාලයක් තිබුණා.

ඒක හරිම සුන්දර ළමා කාලයක්. අපේ පවුලේ කෙල්ලොම තුන් දෙනයි. ලොකු නංගි මට වඩා අවුරුදු දෙකක් බාලයි. පොඩි නංගි අවුරුදු දාහතරක් බාලයි. මේ දෙන්නටම රඟපාන්න ඕන වුණේ නැහැ. ඒ අය අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න උත්සාහ කරනකොට මම හිතාගත්තා නිළියක් හරි ගුරුවරියක් වෙනවා කියලා. අම්මා තාත්තා ගැනත් අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුමයි. මොකද ඒ දෙන්නා මට උපරිම නිදහස දුන්නා කැමැති දෙයක් තෝරගන්න.

ඉතා ඉක්මනින් තමා අපේක්ෂා කළ සිහින දෙකටම ළංවෙන්න තරම් දිල්හාරා වාසනාවන්ත යුවතියක් බවට පත් වුණා.

නිළියක් වෙන්න කලින්ම මම සමාජ ක්‍රියාකාරිනියක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. අවුරුදු පහළොවක ඉඳන් මම ළමා නිවාසවල උගන්වන්න යනවා. මේ දේවල්වලට මාව තල්ලු වෙන්න ගත්තේ හරිම පුදුම විදිහට.

පුංචි කාලේ මම මේ වගේ කතා කරන චරිතයක් නෙමේ. හැම දේකටම පස්සට යන හැංගිලා වගේ උන්න චරිතයක්. සමාජය ඉස්සරහට ඇවිත් කතා කරන්න පුදුමාකාර බයක් තිබුණේ.

දවසක් මම තාත්තා එක්ක මීගමුව හොස්පිට්ල් එකට ගියා මාමා කෙනෙක් බලන්න. යනකොට මම දැක්කා එවේලේ මැරුණු දෙදෙනකුගේ මෘතදේහ ඇඳ උඩ තියෙනවා. හැබැයි එක මිනියක් ගෙදර ගෙනියන්න පවුලේ අය රෝහල් කාර්ය මණ්ඩලය එක්ක ලොකු රණ්ඩුවක් ​කරනවා. මම මෙහෙම සිදුවීමක් කවදාවත්ම දැකල තිබුණේ නැහැ. අපි ආපහු එනකොට අර රණ්ඩු වෙච්ච අය මිනිය අරගෙන ගිහින්. හැබැයි අනෙක් මිනිය එතැනම තියෙනවා. මට හිතුණා ඒ කාත් කවුරුත් නැති කෙනෙක්නේ කියලා. මම ගෙදර ඇවිත් තාත්තාගෙන් විස්තර ඇහුවා. සතියක් ගියත් මගේ හිතේ වැඩ කරන්නේ අර මැරුණ කෙනාට මොකක්ද වුණේ කියලා. මගේ කරදරේටම තාත්තා ඒ ගැන හොයලා තිබුණා. ඒ මැරුණ කෙනාව භාර ගන්න කවුරුත් නොහිටිය නිසා රෝහලේම ආදාහනය කළා කියලා දැන ගන්න ලැබුණා.

එදා මට මිනිස්සු ගැන පුදුමාකාර කලකිරීමක් දැනුණේ. පුංචි කාලේම මට දැනුණා මේ සමාජය බෙදිලා තියෙන්නේ කියලා. සල්ලි තියෙන අයයි නැති අයයි බලය තියෙන අයයි නැති අයයි මිනිස්සු තරාතිරම අනුව දෙකකට බෙදිලා. සමාජයේ ගොඩක් අය ඉන්නවා තමන්ගේ හඬ සමාජගත කරන්න බැරුව. වෙන අසාධාරණය පේනවා. නමුත් කතා කරන්න බයයි. කවුරුත් ඇහුම්කන් දෙයිද කියලා විශ්වාසයක් නැහැ.

මමත් නිහඬව පස්සට යන කෙනෙක් වුණොත් මමත් සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා කියලා හිතුණා. ඒ හඬ නගන්න බැරි අය වෙනුවෙන් හඬක් නගන්න මම ඉදිරිපත් වුණා.

ඒ වෙනකොට මම පුංචි ළමයෙක්. මම ළඟ සල්ලි නැහැ. ඉතිරි වෙලා තිබුණේ දැනුම විතරයි. මම ඒ දැනුම බෙදලා දෙන්න පටන් ගත්තා. දෙමව්පියන්ගේ රැකවරණය අහිමිවෙච්ච ළමයි ඉන්න ළමා නිවාසවලට ගිහින් නොමිලේ උගන්වන්න පටන් ගත්තා. මටත් නොදැනීම මගේ බය පහවෙලා සමාජ ක්‍රියාකාරිනියක් බවට පත් වුණා. අදටත් මට ලැබෙන ආදායමෙන් බාගයකට වඩා මම වැය කරන්නේ මේ දේවල්වලට.

පෙම්වතියගේ චරිතයෙන් මිදී තම තරුණ රුව රංගනයේදී පවා සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් යොදවන්න ඇය තීරණය කර තිබුණා.

මම ලස්සනයි කියලා හැමෝම කියනවා. ලස්සන කෙසේ වෙතත් මම සරල සාමාන්‍ය කෙල්ලෙක් වගේ ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. අනිත් කාරණාව තමයි රංගනයේදී වුණත් මම සමාජයට වැඩක් ඇති දෙයක් වෙනුවෙන් රංගනය ලබාදෙන්න කැමැතියි. රූප රාමු අතරේ පෙම්වතියක් වෙලා ෆැන්ටසියක හීන බලනවාට වඩා හොඳ දෙයක් කරලා මැරිල යන එක හොඳයි කියලා හිතුණ වාර අනන්තයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමා කියන්නේ තාත්තා අහිමි වෙච්ච දරුවෙක්. Can you here me එකේ අම්මා අහිමි දියණියක්. මැටි කඩුලු නාට්‍යයේ කිසා කියන්නෙ ආර්ථික ප්‍රශ්න නිසා අම්මා රට ගිය දියණියකගේ චරිතයක්. මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වෙනවා. සමහර විට ඔවුන්ට මෙතනින් එහාට යන්න බැරුව අසරණ වෙලා ඉන්න පුළුවන්. ඒ හැමෝම වෙනුවෙන් තමයි මම සමාජයේ ප්‍රශ්න විතරක් කතා කරන චරිත තෝර ගන්නෙ.

පුංචි දැරිවියක් කාලයේ සිටම අනුන්ගේ වේදනාව සිය හදවතට ආරෝපණය කරගත් ඇය මහ ගැහැනියක් වුවත් තාමත් ඒ ලෝකයේ ප්‍රශ්නවලට පිළිතුරු සොයයි. මැටි කඩුල්ල නාට්‍යයේ දර්ශන තලය මත ඉබ්බාගමුවේදී මුහුණ දුන් සිදුවීම් ඇය සිහිපත් කරන්නේ බොහෝම සංවේදී ආකාරයට.

මැටි කඩුලු නාට්‍ය නිසා බොහෝ දේවල් දැනගන්න ලැබුණා. කොහොමත් මම රඟපාපු බොහෝ නාට්‍ය රූපගත කළේ දුෂ්කර ප්‍රදේශවල. ඒ අතරිනුත් මැටි කඩුලු රූපගත කළ ගම මට අමතක වෙන්නෙ නැහැ. මේ අයගේ ගමේ ජීවිතය හරිම වෙනස්. උදේ නැගිටිනවා. නානවා. කනවා. බොනවා. නිදාගන්නවා. එතනින් එහා වෙන කිසිම දෙයක් හිතන්නෙ නැහැ. මේ ගම තියෙන්නෙ ඉබ්බාගමුවෙ ඉඳන් හුඟාක් ඇතුළට ගියාම. කොටින්ම කෝල් එකක් ගන්නනම් එක තැනක තියන ගහක මුදුනට නගින්න ඕනේ. මේ ගමේ ඉන්නවා සුපර් මාර්කට් එකක් දැකපු නැති ළමයි. කඩේකින් කෑම කාපු නැති ළමයි. මේ පුංචි ලංකාව ඇතුළේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තේ රඟපාන්න මේ ගමට ගිය නිසා. අනාගතයේ මේ ළමයි වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ අයගේ ගමට ගිහින් අපි රඟපාලා එනවා. හැබැයි අපි රඟපාපු එක දකින්න ඒ ගමට පහසුකම් නැහැ.

තමා මෙතෙක් රඟපෑ කැමතිම චරිතය ගැනද ඇය සිහිපත් කළා.

මම හරිම වාසනාවන්ත නිළියක්. හැම චරිතයක්ම රඟපාන්න මට අවස්ථාව ලැබුණා. පිටසක්වල ජීවිතයක් වගේම යක්ෂණියකගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මම රඟපාපු චරිතවලින් අයෝමා මහිමා කියන චරිතවලට තමයි වැඩියෙන්ම ඇලුම් කරන්නේ. සමාජ ප්‍රශ්න හමුවේ ඒවාට මුහුණ දෙන්න යන චරිත මේ සමාජයේ කොටසක් කියලා මම විශ්වාස කරනවා.ඒ වගේම මැඩි කඩුලු කිසාටත් හුඟක් කැමතියි. ඇය හිනාවෙලා උන්නට බොහෝ ​වේදනාවන් හදවතේ හංගගෙන හිර කරගෙන ඉන්නවා.
වෘත්තීය රංගන ශිල්පිනියකට මේ ආකාරයට චරිත තෝරා බේරා ගැනීම කළ හැකිද යන්න ප්‍රශ්නයක්. නමුත් ඇයට එහෙම නැහැ.

මම රඟපාන්නේ මුදල් හොයන්න නෙමේ. ජීවත් වෙන්න යම් මුදලක් ලැබුණාම ඇති. සමාජය වෙනුවෙන් කළ යුතු කාර්යභාරය විශාලයි. ඒක හැමොටම අමතක වෙලා. මේ ජීවත් වෙන සමාජයට අපෙන් ඉටු විය යුතුකම අමතක කළොත් අනාගත සමාජයක් ඉතිරි වෙයිද. තෝරා බේරාගෙන හරි ඒ යුතුකම වෙනුවෙන් මම පෙනී සිටිනවා.
සමාජයේ අසාධාරණය ගැන කතා කරනකොට ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගැනත් කතා නොකර බැහැ. නවක නිළියකට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමේදී සිදුවන අසාධාරණකම් ඇයගේ දුක්විඳින යුවතිය නමැති භූමිකාව තුළ නැද්ද යන ප්‍රශ්නය මතු වුණා.

මම නම් ඒ වගේ දේවල්වලට මුහුණ දීලා නැහැ. හැබැයි ඔය වගේ ප්‍රශ්න ගැන කතා කරනවා ඇහිලා තියෙනවා. ඒක අහිංසක යුවතියක් මුහුණ දෙන ප්‍රශ්නයක් හැටියට ගන්න පුළුවන්ද. ක්ෂේත්‍රයේ අනෙක් කෙනාට පරයා යන්න දරන උත්සාහය තුළ සිදුවන මෙවැනි කතා ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. රැකියාවේ ඇති වැදගත්කම තේරුම් අරගෙන වැඩ කළොත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. අත්දැකීමෙන්මයි මම එය කියන්නෙ. තමන් ආවේ රඟපාන්න නම් එය නිවැරදිව කළ යුතුයි. එහෙම නැතිව කෙටි පාරවල්වලින් යන්න ගියාම තමයි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.

පුංචි තිරයෙන් මිදී සිනමාවට ඇතුළු වෙන්න කැමැත්තක් ඇය තුළ හංගාගෙන තියෙනවා.

චිත්‍රපටයක රංගනය සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නය නිසා තමයි වැඩේ ප්‍රමාද වුණේ. ඉතා ඉක්මනින් එහි කටයුතු ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවා.

රංගනයට අමතරව පරිසර හිතකාමියෙක් ලෙස ඇය ලෝකය පුරා සංචාරය කරනවා වගේම එහි නිලතලද දරන සාමාජිකාවක්. දැවැන්ත චරිත සමග මෙහිදී ඇයට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

Earth day Network ආයතනය අද වෙනකොට ලෝකයේ රටවල් 193 පුරා විහිදුණ පරිසර සංවිධානයක්. එම සංවිධානයේ ශාඛා 75,000කට වඩා ලෝකය පුරා පැතිරිලා තියෙනවා. මෙම සංවිධානයේ උපදේශක කමිටුවේ හොලිවුඩ් නළු ලියනාඩෝ ඩී කැප්‍රියෝ හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කේරී, අනිල් කපූර් වගේ අය කටයුතු කරනවා. මෙම සංවිධානය ආසියාතිකයන්ට තනතුරු ලබාදීමේදී ජුහි චවුලා, මිස් මැලේෂියා මලීසා සහ ශ්‍රී ලංකාවෙන් මාව තෝරා ගත්තා. ඉතින් මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවන් තනතුරක් දරන්න තරම් සුදුස්සෙක් වීම ගැන.

රංගනය තුළදී සිදුවූ අමතක නොවන අත්දැකීමක් සිහිපත් කරන්න මිෂෙල් අමතක කළේ නැහැ.

මැටි කඩුලු නාට්‍ය රූපගත කරන කොට තමා මේ සිදුවීම්වලට මුහුණ දුන්නේ. මටයි අනුරාධා එදිරිසිංහටයි තිබුණා පාලමකින් දුවගෙන් යන්න. මේ පාලම අබලන් වෙච්ච පාලමක්. යම් අවදානමක් තිබුණා. නමුත් රංගනය තුළ අවදානම් ගත යුතුමයි. ඒ දර්ශන රූපගත කරනකොට පාලම කැඩෙන්න ගියා. අදටත් මම හිතනවා අපේ ජීවිත බේරුණේ අනූ නවයෙන් කියලා.

අවසාන වශයෙන් තමා නිළියක් ලෙස ලබාගත් ජයග්‍රහණ පසුපස සිටි සියලුම ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කර සිටියා.

රජ මාලිගාවේ ඉඳන් දුප්පත් ගෙදර දක්වා මට යන්න ලැබුණේ නිළියක් වෙච්ච නිසා. දේශපාලකයෙක්ගේ දුවෙක් හැටියට වගේම අන්ත අසරණ යුවතියකගේ චරිතයට මම මුහුණ දුන්නා. මගේ නිල ෆේස් බුක් පිටුවට සම්බන්ධ වුණොත් හැමෝටම මේ දේවල් මගෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. සුදු ඇඳගෙන කළු ඇවිත් නාට්‍යයේ මම දාපු වීඩියෝවලට මිලියන ගාණක ප්‍රතිචාර ලැබිලා තිබුණා. දැන් මම රඟපාන මැටි කඩුලු නාට්‍යයේ වීඩියෝ එකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රතිචාර පැයක් ඇතුළත ලැබුණා. සමාජය වෙනුවෙන් මට යමක් කරන්න ශක්තිය ලබාගත්තේ මේ ප්‍රතිචාර වලින්. ඒ ශක්තිය ලබා දෙනවාට හැමෝටම ගොඩක් පින්.

ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර

Source: aruna.lk
Share3Tweet1PinSend

Related Posts

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15
බර අඩු කර ගන්න මේ දේවල් කරන්න
Gossip News

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න
Gossip News

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10
පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්
Breaking News

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
26
ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා
Editors Picks

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

2021-03-23 @ 9:51 AM
5
තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී
Breaking News

තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

2021-03-18 @ 12:29 PM
18

Discussion about this post

Local News

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
1

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 672 දෙදෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. ඉන් 657 දෙනෙකු දිවුලපිටිය, පෑලියගෙඩ...

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
1

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. කොටුව ජනාධිපති...

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

2021-04-22 @ 11:06 PM
0

රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්...

කුලියාපිටිය හුදකලා කෙරේ - Video

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

2021-04-22 @ 10:57 PM
8

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

2021-04-22 @ 9:54 PM
2

කිලිනොච්චිය මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක් සමගින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ඉත්තෑමස් කිලෝ 05 ක් ලඟ තබා...

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

2021-04-22 @ 9:22 PM
1

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22) උදෑසන...

Gossip

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි
Breaking News

යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

2021-04-18 @ 12:37 PM
15

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ සිට දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව වාර්තා වනවා. එහි සේවක මහතෙකු අපට...

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

බර අඩු කර ගන්න මේ දේවල් කරන්න

2021-04-07 @ 9:40 AM
18
සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

සතුටින් ඉන්න මේ දේවල් 10 කරලා බලන්න

2021-04-04 @ 1:38 PM
10
පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

පස්සර අනතුරින් දෙමාපියන් මියගිය දරුවන් භාරගන්න දොස්තර සූදානම්

2021-03-26 @ 3:12 PM
26
ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

2021-03-23 @ 9:51 AM
5
තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

තවත් ෆේස්බුක් මරණයක් – 24 හැවිරිදි තරුණිය ගෙල වැලලා ගනී

2021-03-18 @ 12:29 PM
18
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

කුලියාපිටිය හුදකලා කෙරේ – Video

ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

Recent News

තවත් ආසාදිතයන් 672ක් - මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

2021-04-23 @ 12:25 AM
ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

2021-04-23 @ 12:03 AM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.

Join with Lankaground Facebook page.

Like our page