ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මින් පෙර කොවිඩ්-19 ආසාදිතයින් බවට පත් වූවා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ වන විට සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මෙරට කොවිඩ්-19 ආසාදිත හය වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වනවා.
Discussion about this post