වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ තිබෙනවා.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම වත්මන් ආණ්ඩුවේ පොරොන්දුවක් බැවින් එය වහාම ඉටු කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී අත්තේ.
ජනාධිපතිවරයා ද ඊට එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් 1000ක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව එම පත්‍රිකාවෙන් කරුණු දක්වා තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදීමට සතියක කාලයක් ඉල්ලා ඇති බව මෙහිදී දැනගත් පසු ජනාධිපතිවරයා මේ කැබිනට් මණ්ඩලයේදීම එය අනුමත කළ යුතු බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පඩි පාලක සභා හරහා හෝ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් කිරීමේ තීන්දුවට කැබිනට් මණ්ඩලය එකඟතාවය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
Discussion about this post