ජනවාරි මස 28 වන බ්‍රහස්පතින්දා සිට පෙබරවාරි මස පළමුවනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට ලක්කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ ස්ථාන 11 කදී ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවයි.
දීර්ඝ සති අන්ත නිවාඩුව එළැඹීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
බස්නාහිර පළතෙන් පිටතට කොවිඩ් ආසාදිතයන් ගමන් කිරීම වළක්වාලීම එහි ප්‍රධාන අරමුණක් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post