වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (28)ට යෙදී තිබෙනවා.
ශ්‍රී ලක්වාසීන් සියලුම දෙනාට අද දින වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ පොහොය අද දින වීම හේතුකොට ගෙනයි.
සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය.
ඒ බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිහිවීම පිණිස සහ ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙනි.
මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.
උරුවෙල් ජනපදයේදී උරුවෙල් කස්සප, නදී කස්සප, ගයා කස්සප තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් දෙනා දමනය කොට ඒහි භික්ඛු භාවයෙන් ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේ දුරුතු පුන් පොහෝ දිනකයි.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනක බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
Discussion about this post