ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI-281 දරන ගුවන් යානය අද(28) උදෑසන 9.31 කට මුම්බායි ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වී ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක කාර්යාලය පවසනවා.
මෙම ගුවන් යානය මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරින් අද (28) දින අලුයම 6.00 ට මුම්බායි බලා පිටත්වී තිබෙනවා.
මුම්බායි ගුවන් තොටුපළෙන් මෙම එන්නත් තොගය පටවා ගෙන මෙම ගුවන් යානය අද (28) දහවල් 11.26 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතයි.
Discussion about this post