කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් දුරස්ථව සිටි විශේෂ කාර්යය බලකාය නැවතත් (10) දින සිට ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙහිදී වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම්, නිලධාරීන් සෝදිසි කිරීම් යන කාර්යයන් සඳහා විශේෂ කාර්යය බලකාය ක්‍රියාත්මක වන බවද පැවසීය.
Discussion about this post