කිලිනොච්චිය, පුලියන්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ(15) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම වෙනුවෙන් පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස ළිඳක තිබී සොයාගෙන ඇති බවයි.
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්. මනෝකරන් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුවු බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
මියගිය පුද්ගලයා ගොයම් කැපීමෙන් අනතුරුව රාත්‍රීයේ දියෙනෑමට ළිඳකට ගොස් ඇති අවස්ථාවේ අතුරුදහන්ව ඇති අතර, අනතුරුව මළ සිරුර හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Discussion about this post