කොවිඩ් මර්දන එන්නත පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට ලබාදීම අද(16) සිට ආරම්භ කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.
මැති ඇමතිවරුන්ට කොවිඩ් මර්දන එන්නත දීමට නියමිත වන්නේ නාරාහේන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදීයි.
එන්නත ගැනීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයන් යුද හමුදා රෝහල වෙත පෙරවරු 8.30 ත් දහවල් 12.00 ත් අතර කාලය තුළ පැමිණිය යුතු බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව, අද(16), හෙට(17), අනිද්දා(18) සහ ලබන සිකුරාදා(19) දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදීමට නියමිතයි.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තු නිළධාරීන්ද අද(16) සිට එන්නත්කරණයට ලක් කිරීමට නියමිතයි.
එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ බන්ධනාගාර නිළධාරීන් 5100 දෙනෙකු සඳහා බන්ධනාගාර පුහුණු පාසලේදී අද(16) පෙරවරුවේ සිට එන්නත් ලබාදීමට නියමිත බවයි.
Discussion about this post