දංකොටුව ඇටියාවල ප්‍රදේශයේදී සහ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ දංකොටුව පොලිස් වසමට අයත් ඇටියාවල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ හිසට ගල්වලින් ප හරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වූ දංකොටුව ඇටියාවල ලිපියේ පදිංචිකරුවෙකි.
කලක සිට තිබූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ බෑණා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසනවා. ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන දංකොටුව පොලිසිය විසින් පවත්වනු ලබනවා.
මේ අතර ඊයේ(15) රාත්‍රී 7.30ට පමණ පරසන්ගස්වැව පොලිස් වසමේ 4 ඇළ ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ පරසන්ගස්වැව 4 ඇළ ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හතර හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති අතර ඝාතනය කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Discussion about this post