2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිතයි.
එම සිසුන් වෙනුවෙන් අද(17) සිට එළැඹෙන 25 වන දින දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 622,352ක්.
ඉන් අයදුම්කරුවන් 423,746ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198,606ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසන්නේ.
මෙවර විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් යටතේ විභාග මධ්‍යස්ථාන 4513කදී පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post