ලක්‍ෂ 220 ක් වන සමස්ත ජනතාවට කොවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම එන්නත ජනතාවට ලබාදෙන ක්‍රමවේදය පිළිබඳ රටට හෙළිකරන ලෙසයි නොරොච්චෝලේ පැවැති විපක්‍ෂ නායක ජංගම සේවයේදී ඔහු කියා සිටියේ.
ගෙවුණු දින 47 දී මෙරට කොවිඩ් මරණ 205ක් සිදුවී තිබෙනවා.
එම කාලය තුළ අලුතින් ආසාදිතයන් 33,000ට වැඩි පිරිසක් හමුවී තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තා වනවා.
එය දකුණු අප්‍රිකාවෙන් හමුවු කොවිඩ් ප්‍රභේදයට සමාන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එම වෛරසය ආසාදනය වු 38 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් සහ වේල්සයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහි හැසිරීම කෙසේදැයි යන්න විමර්ශනය කෙරෙමින් පවතින බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරනවා.
Discussion about this post