පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේදී අද(17) අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ පුපුරණ ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි.
සැකකරු සතුව ටි.එන්.ටි වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 635 ක්, පි.ඊ. 01 පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 610 ක් හා පුද්ගල නාශක බිම්බෝම්බ කොටස් 150 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටියා.
පොලිසිය පැවසුවේ සැකකරු සේනපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙකු වන අතර, සැකකරු ජාවාරමක් වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය රැස් කොට ඇති බවට තොරතුරු පවතින බවයි.
සැකකරු ප්‍රදේශයේ වළ දමා ඇති පුද්ගල නාශක බිම්බෝම්බ තුළින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තොරතුරු පවතින බවද ආරක්ෂක අංශ පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Discussion about this post