එක්සත් රාජධානියේ නව කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම ඊයේ (17) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී, සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලබන දින 14 ක නිරෝධායනය හා PCR පරීක්ෂණවලට භාජනය වීමේ පදනම මත මෙසේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන සංචාර සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ, එක්සත් රාජධානියේ සිට සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කෙරෙනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. .
Discussion about this post