ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 78,420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගීණ් 6,167 දෙනෙක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාවද මේ වන විට 71,823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් 617 දෙනෙක් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රොහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ඊයේ(18) දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 514ක් වනවා.
ඉන් පුද්ගලයන් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවත් සෙසු පුද්ගලයන් 501 දෙනා දේශීය හඳුනාගත් පුද්ගලයන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එලෙස ඊයේ තහවුරු කර ගත් දේශීය පුද්ගලයන් අතරින් ආසාදිතයන් 105ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 68 දෙනෙකු බැගින් වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
සෙසු ආසාදිතයන් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳ පොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන අද(19) උදෑසන වන විට 74,876ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මේ වන විට පුද්ගලයන් 70,429 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
පසුගිය පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියයාමත් සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල, කෙසෙල්වත්ත, දෙමටගොඩ, මීගොඩ, රිදිමාලියද්ද, කොළඹ 08, කොළඹ 10 සහ දෙකටන යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් අට දෙනෙකි.
ඊයේ(18) දිනය තුළ මෙරට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 15,386ක් බවත් අද(19) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9,268 දෙනෙක් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
Discussion about this post