fbpx
2021-03-02 [Tuesday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

මද්‍රසා පාසල් දරුවන්ට අවි පුහුණුව ලබාදීලා

2021-02-19 @ 11:43 AM
25
SHARES
221
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1
ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

පාස්කු බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (18 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා කර ඇතැයි කියන වරදවල්වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (17 වැනිදා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක විදුහල්පති සලීම් ඛාන් මොහොමඩ් ෂකීර් නමැත්තා ද මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

පස්කු ඉරුදින කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද බෝම්බකරු ඇතුළු ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම, පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් කිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා ඉකුත් 2020 අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එදින සිට ඊයේ (18 වැනිදා) දක්වා සැකකාර හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත මාස 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කරන ලද පිටු 1200කින් සමන්විත විමර්ශනයේ උදෘත නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පෙරේදා (17 වැනිදා) දින උපදෙස් දුන්නේය.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත නීතිඥ හිජාස් හිස්බුල්ලාද පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවටගත් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (18 වැනිදා) පසුවරු 5.00ට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසීය.

මෙම සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කරනවා.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම අල් සුහාරිය මද්‍රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීමට සම්බන්ධ වී තිබෙනවා. එම පාසලේ දරුවන් 56 දෙනකුට ඉගැන්වීම් කටයුතු කර තිබෙනවා. එම දරුවන් අතරින් 26 දෙනකු කොළඹ සිට පුත්තලමට රැගෙන ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මට්ටක්කුලිය ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශවල දරුවන් එලෙස රැගෙන ගොස් තිබෙනවා. එම දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදිවලට සහ මානසික වශයෙන් පීඩාවට පත් වූ අය බව අනාවරණය වී තිබෙනවා. එම නිසා මෙම සැකකරුවන් එවැනි මානසික තත්ත්වයක සිටින අය සූක්ෂ්මව තෝරාගෙන තිබෙනවා.

සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා සේව්ද පර්ල් නමැති සංවිධානයේ සභාපතිත්වය දරනවා. එම සංවිධානය මගින් එම මද්‍රසා පාසලට පූර්ණ අනුග්‍රහය දක්වා තිබෙනවා. එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට මසකට රුපියල් 4000 බැගින් ද භාරකරුට රුපියල් 60000 බැගින්ද ගෙවා තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

මෙම මද්‍රසා පාසලේ දරුවන්ට ආගම ඉගැන්වීමේ මුවාවෙන් යම් අන්තවාදී ක්‍රියාකාරකම්, ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුව පවා ලබාදී තිබෙනවා. මෙම පාසලේ ඉගෙනුම ලැබූ සියලු දරුවන් වයස අවුරුදු 05 සිට 17 දක්වා අතර අයයි.

මෙම දරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ප්‍රකාශයන්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වුණා. එක් දරුවකු ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා සර් ආපු වෙලාවක එහි සිටි අයෙක් මේ සර් ලෝයර් කෙනෙක්. ඔහුට මඩකලපුවේ යුනිවසිටි එකක් තියෙනවා කියලා අපිට වීඩියෝ පටියක් පෙන්නුවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැති සැකකරු එම මද්‍රසා පාසලට පැමිණි අවස්ථාවක ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක වීඩියෝ දර්ශනයක් එලෙස දරුවන්ට පෙන්වා තිබෙනවා. ඊශ්‍රායලයේ කිතුනුවන් මුස්ලිම් පල්ලි පාලනය කරන බවත් ඔවුන් බිය ගැන්විය හැකි එකම ක්‍රමය මෙරට කිතුනුවන්ගේ පල්ලිවලට පහරදීම යැයි ඉගැන්වූ බවත් එක් දරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​ව හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල කරන සියලුම බෝම්බකරුවන් මෙම මද්‍රසා පාසලට පැමිණ දේශන පවත්වා තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ නවුෆර් මවුලවි 2018 දෙසැම්බර් මාසයේදීද මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ සහරාන් හෂීම් පාස්කු ප්‍රහාරයට තෙමසකට පෙර එනම් 2019 ජනවාරි මාසයේදීද මෙම පාසලට පැමිණ අන්තවාදී දේශන පවත්වා තිබෙනවා.

ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්ය ඇත්තේ කාටදැයි සහරාන් හෂීම් එම දේශනාවලදී දරුවන්ගෙන් විමසූ බව එක් දරුවකු විසින් ලබාදුන් සාක්ෂියෙන් අනාවරණය වී තිබෙනවා.

පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් අසාම් මොහොමඩ් මුඛාරක් නමැත්තා අදාළ මද්‍රසා පාසලේදී 2019 පෙබරවාරි මාසයේදී හමුදා පුහුණුවක් පවත්වා ඇති බවත් අනාවරණය වී තිබෙනවා. සහරාන් හෂීම් නමැත්තාගේ සහෝදරයකු වූ රිල්වාන් හෂීම් අවස්ථා කිහිපයකදී මෙම මද්‍රසා පාසලට පැමිණ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වමින් ගිනි අවි පුහුණුවක් ලබාදී තිබෙනවා.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා නීතිඥ හිජාස් හිස්බුල්ලා සභාපති ධුරය දැරූ සේව් ද පර්ල් ආයතනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. ඉබ්‍රාහිම් ඉන්සාෆ් නමැති ප්‍රහාරකයා එම සංවිධානයට මදුරන්කුලිය ප්‍රදේශයෙන් පර්චස් 108 ඉඩමක් මිලදීගෙන ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වුණා. ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද විමර්ශනයක් පවත්වනවා. සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා සන්තකයේ ජංගම දුරකථන 09ක් තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට මෙතෙක් ගෙන ඇත්තේ ඉන් 02ක පමණයි. මෙම සැකකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.

එම කරුණු පිළිබඳව ලබන මාර්තු 03 වැනි දින සලකා බලන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් එදින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.

Source: Aruna.lk
Share16Tweet4Pin1Send

Related Posts

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි
Breaking News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ
Breaking News

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1
ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි
Breaking News

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0
කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි
Breaking News

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
5
මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි
Breaking News

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
3
සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි
Breaking News

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
4

Discussion about this post

Local News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4513කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව...

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ සහ වාසුදේව...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

2021-02-28 @ 1:23 PM
0

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාවට...

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

2021-02-28 @ 12:55 PM
5

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු(සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන...

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

2021-02-28 @ 12:30 PM
3

ආනයනික කිරිපිටි කිලෝවක සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවල මිල ඉහළ නැංවීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ...

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී  සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

2021-02-26 @ 4:28 PM
4

සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
75

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
124
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
52
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
49
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
66
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 දෙනෙකු ගැන බැචලේගේ වාර්තාවට රටවල් 21ක් විරුද්ධවෙයි

කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට ගුණ බව හෙළිවෙයි

මිල වැඩි කිරීමට කිරි පිටි සමාගම් අවසර ඉල්ලයි

සාමාන්‍ය පෙළ විභාගය කාල සීමාවේදී සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

Recent News

2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට ඇරඹෙයි

2021-02-28 @ 1:58 PM
ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

ජනපති කැඳවූ පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට විමල් සහ වාසු නෑ

2021-02-28 @ 1:56 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.