ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබු මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා විමර්ශනය සඳහා දැනටමත් ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්ත්වයෙන් යුත් ජනාධිපති
කොමිෂමක් පත් කර ඇත්තේ ඒ අනුව බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජිනීවා හි පැවැත්වෙන 46 වන මානව හිමිකම් සමුළුවට සමගාමීව ඇතැම් පිරිස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.
යහපාලන රජය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වන්න එකඟව තිබුණා.
ඒ යෝජනාවේ අන්තර්ගත කරුණු ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ.
ඒ නිසයි ජනවරම ලැබී අපේ රජය වෙනුවෙන් මානව හිමිකම් සමුළුවට සහභාගි වෙලා ඉකුත් වසරේ 30/1 යෝජනාවෙන් අපි ඉවත් වුණේ.
එහිදී අපි පැහැදිලිවම සදහන් කළා උතුරේ පැවැති ත්‍රස්තවාදී ක්‍රියාවන් මර්ධනය කිරිමේ දී අනුගමනය කළ මානුෂිය මෙහෙයුමේදී මානව හිමිකම් කඩවීමක් සිදුව තිබෙනවාද යන්න හා එසේ මානව හිමිකම් කඩ වී ඇත්නම් වින්දිතයන්ට සාධාරණයක් ඉටුකර වරදකරුවන්ට දඬුවම් කරන බව.
අපි දැන් ඒ ගැන කටයුතු කරන්න පටන් ගෙන තිබෙනවා.
“ලෝකයම මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගතයට අපේ රටද ගොදුරුව ඇති බැවින් අභියෝග රැසකට රටක් විදියට මුහුණ දෙමින් ජාත්‍යන්තර සහයෝගීතාව හා හොඳහිත පවත්වා ගනිමින් අපි එකඟ වු පරිදි කටයුතු කර ගෙන යන අතරතුර නැවත නැවත ශ්‍රී ලංකාවට එරෙහිව එකම චෝදනාව, අප රට දරුණු ත්‍රස්තවාදී කොටි හමුදාව පැරද වූ නිසා විවිධ මුහුණුවරයන්ගෙන් ඉදිරිපත් කිරීම පසුපස ඇති ආධිපත්‍යයන්, බලවේගයන් හා ඒවායේ යටි අරමුණු පිළිබඳව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ අවධානය යොමු විය යුතුව තිබෙනවා” යැයිද ගුණවර්ධන මහතා පවසා සිටියා.
Discussion about this post