පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ් මහතා කියා සිටියේ මාවනැල්ල, හිගුල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අදාළ තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සහරාන් නැමැත්තා විසින් කාන්තාවක් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වූ බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්තිවලට සහභාගී වු අදාළ කාන්තාව ඊයේ (19) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
මේ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
Discussion about this post