සෞඛ්‍ය අංශවල අනුමැතිය සහ උපදෙස් ලබා නොගෙන ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් නොර්වුඩ් ක්‍රිඩාංගනයේ අද (20) දින වෘත්තීය පුහුණු පාඨමාලාවන් සදහා වතුකරයේ තරුණියන් බදවාගැනිමේ වැඩසටහනක් නතර කිරිමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි ජේ. චන්ද්‍රරාජන් මහතා කටයුතු කර තිබෙනවා.
ස්වයං රැකියා පාඨමාලාවන් සදහා තරුණ තරුණියන් බදවා ගැනිමේ වැඩසටහන අද (20) දින නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ පැවැත්විම සදහා තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කිසිදු අවසරයක් ශ්‍රි ලංකා වෟත්තිය පුහුණු අධිකාරිය මගින් ලබාගෙන නොමැති බව නෝර්වුඩ් ක්‍රිඩාංගණය වෙත පැමිණි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එම ක්‍රිඩාංගනයට පැමිණ සිටි ශ්‍රි ලංකා වෟත්තිය පුහුණු අධිකාරියේ නිලධාරීන් හමුවේ කියා සිටියා.
ඒ අනුව නොර්වුඩ් පොලිස් නිලධාරින්ගේද සහයෝගය ඇතිව නෝර්වුඩ් ක්‍රිඩාංගණය වෙත පැමිණි සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කරනු ලැබුවා.
නුවරඑලිය, තලවාකැලේ, ඩයගම, හැටන්, මස්කෙලිය, බගවන්තලාව යන ප්‍රදේශවලින් මෙම පාඨමලාවන් වලට ඇතුලත් විම සදහා වතු කරයේ තරුණ තරුණියන් 1000 කට ආසන්න පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
වෟත්තිය පුහුණු පාඨමලාවන් සදහා සහභාගි විම සදහා පැමිණි වතුකරයේ තරුණ තරුණියන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ක්‍රිඩාංගණයට ඇතුල් කර ගැනිමට ශ්‍රි ලංකා වෟත්තිය පුහුණු අධිකාරියේ නිලධාරින් විසින් කටයුතු කර තිබෙන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.
Discussion about this post