තමා කොරෝනා වෛරස එන්නත විද ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක් බවත් තමා කොරෝනා එන්නත් විදගත්තේ නොමැති බවත් ධම්මික පැණිය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පවස්නනේ මෙය තමාට කෙණෙහිලිකම් කරන්නා වූ පිරිස් විසින් මඩ ගැසීමක් බවයි.
වැඩිදුරටත් ඔහු මෙලෙස කියා සිටිනවා.
මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත් විදින බවට පෙන්වන ඡායාරූපයක් හදලා.
මෙය දෙස හොඳින් බලන කෙනෙකුට පෙනෙනවා බද්ධ කර තිබෙන ඡායාරූපයක් බව. මම බෙහෙත් හදනන් පටන් ගත් දවසේ සිට මට එරෙහිව ඔය මඩ ප්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා.
මෙම බෙහෙත් නිෂ්පාදනය දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා.
මේ විකෘති කළ ඡායාරූපය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන්න පුළුවන්ද කියා මම සොයා බලනවා.
එසේම එන්නත් ගැන තමාට විශ්වාසයක් නොමැති බවද ඔහු පවසා තිබෙනවා.
Discussion about this post