කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්ව ඇති බව වාර්තා වනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා.
පසුගිය කාලය පුරා අමාත්‍යංශය තුළ සිදුවූ මතගැටුම් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද එය මෙතෙක් තහවුරු කර නැහැ.
Discussion about this post