නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් කඩා ඉවත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
ඩයිනමයිට් පිපිරුම් යොදා ගනිමින් බදාදා උදෑසන සිදු කළ පිපිරුමෙන් මහල් 34ක ගොඩනැගිලි කුළුණ කඩා වැටීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණක් බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.
1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයකි.
මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
Discussion about this post