හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ සෙන්ක්ලේයාර් වත්තේ ඩෙවොන් කොටසේ එකම පවුලේ 6 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (20) දින ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර රාගවන් මහතා පවසනවා.
ආසාදිත 6 දෙනාගේ පවුලේ කාන්තාවක් ඉකුත් 08 දින ගම්පහ ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදි සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයක් අනුව එම කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බවට තහවුරු වීම හේතුවෙන් එම පවුලේ සෙසු සාමාජිකයින් 09 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පසුගිය 16 දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණය අනුව එම පවුලේ තවත් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) දින තහවුරු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ .
ආසාදිතයින් අතර එම පවුලේ සෙන්ක්ලේයාර් දමිල මහා විද්‍යාලයේ 10 වන වසර අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් සිටින බවත්, ආසාදිතයින් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සිටින බවත්, සියලුම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරන බවයි මහජන සෞඛ්‍යඅ පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
පෙර ආසාදිත කාන්තාව සමග මේ වන විට එම පවුලේ 07 දෙනෙකුට කොවඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Discussion about this post