මාතර රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් හට පසුගිය 16 වනදා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන්හි වාර්තා ඊයේ(22) දින ලැබීමෙන් පසුව රැඳවියන් 30 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
එහිදී රැඳවියන් 53 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් අදාළ ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ එම සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බවත් ආසාදිත රැඳවියන් සියලු දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද බවත්ය.
එසේම රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමද තාවකාලිකව ඊයේ(22) දින සිට නතර කර තිබෙනවා.
බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන් සියලුම දෙනා සහ සියලුම නිලධාරීන් අද(23) දින පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
මේ අතර රජයේ රස පරීක්ෂක කාර්යාලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් නඩු භාණ්ඩ භාර ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Discussion about this post