යාපනය, ඩෙල්ෆ් දූපතෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු 21 වනදා සිට අතුරුදහන්ව ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පවසනවා.
යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි ඥානසිංගම් රමේෂ් නමැති 41 හැවිරිදි පුද්ගලයෙකු හා රංජන් මයන් නමැති 19 හැවිරිදි තරුණයෙකු එලෙස අතුරුදහන්වු ඇති බවයි.
අතුරුදහන්වු ධීවරයින් සොයා නාවික හමුදා නිළධාරීන්, ප්‍රදේශයේ ධීවරයින් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බැව්ද ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.
අතුරුදහන්වු ධීවරයින්ගේ යාත්‍රාව පෙරළි ඇති බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Discussion about this post