2020 අගෝස්තු 17 දින සමස්ත දිවයිනටම බලපාන අයුරින් විදුලි පද්ධතියේ සිදුවූ පූර්ණ බිදවැටීම පිළිබදව සොයා බැලීමට පත්කල ස්වාධීන විශේෂඥ කමිටුවේ වාර්තාව අද (23) අමාත්‍යවරුන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අදාළ වාර්තාව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Discussion about this post