නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබෙනවා.
ඒ අනුව නවම් පොහොය බුදු සසුනේත් බුද්ධ චරිතයේත් වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පූජනීය දිනයක් ලෙසට සැලකෙනවා.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූවා.
සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම තුළින් ඒ් බව වඩාත් පැහැදිළි වනවා.
ඒ අනුව සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදු වී ඇත්තේද අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනයකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
එසේම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම සිදුවී ඇත්තේද අදවැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනයකදීයි බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
බුදු රජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමුවරට සංඝ සම්මේලනයක් පැවැත්වීම සිදු වූයේද අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි.
ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදු වී ඇත්තේ එම සංඝ සම්මේලනයේදීයි.
Discussion about this post