කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙකු ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළින් හඳුනා ගැනීමත් සමගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති පැවැත්වීම සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරයා, නගර සභාවේ සභාපතිවරයා සහ ඇඹිලිපිටිය කොවිඩ් මර්දන කමිටුවේ උපදෙස් මත මෙම පියවර ගැනුණු බවයි.
ඊට අදාළව ඇඹිලිපිටිය කොවිඩ් මර්දන කමිටුව මගින් නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සියලුම පුද්ගලික පන්ති, නිවෙස්වල තිබෙන පන්ති, කණ්ඩායම් පන්ති, දහම් පාසල්, පෙර පාසල්, ළමා උද්‍යානවලට ඇතුල්වීම සපුරා තහනම් කර ඇති බවයි.
එලෙස තහනම් කර තිබියදී නීති විරෝධී අයුරින් කටයුතු කරනු ලබන අයට එරෙහිව දැඩිසේ දඩුවම් ක්‍රියාත්මක කරන බවද ඇඹිලිපිටිය කොරෝනා මර්දන කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Discussion about this post