උදරයේ අමාරුවක් හේතුවෙන් රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු දරුවකු බිහි කිරීමේ අපුරු පුවතක් මාතර මහ රෝහලෙන් වාර්තා වනවා.
දෙවිනුවර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් බව කියන 26 හැවිරිදි තරුණයකුට උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද(22) පෙරවරුවේ මාතර මහ රෝහලට වෙත පැමිණ තිබෙනවා.
පසුව වෛද්‍යවරුන් විසින් තරුණයා පරීක්ෂාවට ලක් කර රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් වේදනාව උත්සන්න වීමත් සමග නැවතත් වෛද්‍යවරුන් විසින් අදාළ තරුණයා පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ තරුණයා පිරිමි වෙසින් පෙනී සිටින කාන්තාවක් බවයි. එසේම ඇය දරු ප්‍රසූතියක් සඳහා සූදානමක් පවතින බවටද එහිදී අනාවරණ කර ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
ඒ අනුව අදාළ කාන්තාව කඩිනමින් කාන්තා වාට්ටුවක් වෙත මාරු කළ යුතු බවට නිගමය කළ වෛද්‍යවරුන් කඩිනමින් ඇය දරු ප්‍රසූති කාමර වෙත ඇතුළත් කිරීමට ද රෝහල් කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
අදාළ පිරිමි වෙසින් සිටි කාන්තාව විසින් අද(22) පෙරවරුවේ පිරිමි දරුවකු බිහි කළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
අදාළ තරුණිය බිහි කළ බිළිඳා නීරෝගිමත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි මාතර මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක මල්කාන්ති මැදිවක මහත්මියගෙන් කළ විමසීමකදී කියාසිටියේ. එසේම මෙම තොරතුර නිවැරදි බවත් ඇයගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බවද රෝහල් අධ්‍යක්ෂවරිය කියා සිටියා.
Source – www.news24.lk
Discussion about this post