50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු 24 හැවිරිදි පෙම්වතිය සමඟ මුහුණු පොතින් පෙම් සබඳතා පවත්වා ඇය සමඟ සමීපව ලිංගිකව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්තිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා වනවා.
මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සම්බන්ධතා පවත්වා තිබේ.
එහිදී ඔවුන් ඉතා සමීප සබඳතා පවත්වා ඇත.
පසුව තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකර ගෙන ඇත.
ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සඟවා තිබූ ලිපියක් හමුවී ඇත.
එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වූ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය.
දිවි හානිකර ගත් තරුණිය අවස්ථා ගණනාවකදී ලිංගිකව හැසිරී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇත.
ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි ශ‍්‍රීලාල් ප‍්‍රනාන්දු නමැත්තකු බවට හෙළිදරව් වී ඇත.
ඒ අනුව එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවට පෙරේදා (16 දා) ගෙන ඇත.
මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. ජයනාත් මහතා විමර්ශන කටයුතු සිදු කරයි.
Discussion about this post