ක්‍රිස්තු භක්තිකයන්ගේ වීශේෂිත දිනයක් වූ මහ සිකුරුදා දිනය වෙනුවෙන් හැටන් පොලිස් අධිකාරි බලප්‍රදේශයේ දේවස්ථාන 69ක ආරක්ෂාව තරකිරීමට වීශේෂිත ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතා පවසනවා.
මෙම දේවස්ථාන 69 ආරක්ෂාව වැඩි කිරිමට මෙයට දින කිපයකට පෙර ආරම්භ කල බවත් එම තත්ත්වයන් මත හැටන් කොට්ඨාශයේ සියලුම පොලිස් ස්ථානවලටම අදාල උපදෙස් ලබා දුන් බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.
එම උපදෙස් මත අදාල පොලිස් ස්ථානවලින් එම ප්‍රදේශවල දේවස්ථානවලට දිවා රාත්‍රිය පුරාවට ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම ආරක්ෂ වැඩපිලිවෙල යුද හමුදාව, නාවික හමුදාව, පොලිස් වීශේෂ බලකාය සමග ඒකාබද්ධව සිදුකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post